Mobile Gaming වලදි Phone එක රත් වෙනවට හොදම Cooling Fan එකක් තෝර ගන්න විදිහ

ශ්‍රී ලංකාව වගේ රටක Mobile Games Play කරනවා නම් තියෙන ලොකුම ප්‍රශ්නයක් තමා Phone එක රොටී පුච්චන තරමටම රත් වෙන එක. 😅 ඊට පස්සෙ ඉතින් කියන්න දෙයක් නෑනෙ එතනින් පස්සෙ Game එක Lag වෙන්න පටන් ගන්නව, Frame Rate Drop වෙලා Game එක Play කර කරගන්න බැරි වී යනවා.

ඉතින් මේකට පොඩි විසදුමක් තියෙනවා ඒ තමා Mobile Gaming Cooling Fan එකක් පාවිච්චි කරන එක. මේ ලිපියෙන් මම පැහැදිලි කරනවා හොදම cooling fan එකක් කොහොමද ඔයාගෙ phone එකට sri lanka තුලදී මිළදී ගන්නෙ කොහොමද කියල.

මෙතනදි ඔයාලට පැහැදිලි කරල දෙන්න ඕන දෙයක් තමා ප්‍රධානම වශයෙන් Mobile Gaming Cooling Fan ක්‍රියාත්මක වන ආකාරය අනුව වර්ග දෙකකට වෙන් කරන්න පුලුවන්.

01. Normal Fans (Air Cooling)
02. Peltier Cooling Fans

අපි දැන් බලමු මේ දෙකෙන් ඔයාගෙ Device එකට හරි යන්නෙ මොකක්ද කියල.

01. Normal Fans (Air Cooling)

මේවායේ තියෙන්නේ සාමාන්‍ය කුඩා ෆෑන් එකක් විතරයි.

  • ක්‍රියාකාරිත්වය: ෆෝන් එකේ පිටුපසින් තියෙන රස්නය (Heat) එළියට ඇදලා දාන්න හෝ එළියේ තියෙන සුළඟ ෆෝන් එකේ පිටුපසට වදින්න සලස්වනවා.
  • කාර්යක්ෂමතාව: මේවාගෙන් ලැබෙන්නේ සාමාන්‍ය සිසිල් වීමක්. ගොඩක් රත් වෙන ෆෝන් එකකට මේක ලොකු වෙනසක් කරන්නේ නැහැ.

02. Peltier Cooling Fans

දැනට Market එකේ තියෙන සාර්ථකම සහ බහුලව භාවිත වන වර්ගය මේකයි. අපි පොඩ්ඩක් මේ වර්ගයේ Cooling Fans ගැන තේරුම් ගමු. එතකොට අපට පුලුවන් හොදම Cooling Fan එක මොකක්ද කියල තේරුම් ගන්න.

ක්‍රියාකාරිත්වය:

  • මේවායේ ෆෑන් එකට අමතරව Peltier Chip (Semiconductor) එකක් තියෙනවා.
  • විදුලිය ලබා දුන්නාම මේ Peltier ඡිප් එකේ එක් පැත්තක් ගොඩක් සීතල වෙනවා (අයිස් වගේ), අනිත් පැත්ත ගොඩක් රත් වෙනවා.
  • සීතල වෙන පැත්ත ෆෝන් එකේ පිටුපසට හේත්තු වෙලා ෆෝන් එකේ Heat එක ඉක්මනින්ම උරා ගන්නවා.
  • රත් වෙන පැත්තේ Heat එක ෆෑන් එක (Cooling Fan) මගින් ඉක්මනින් එළියට පිට කරනවා.

කාර්යක්ෂමතාව: ඉතාම ඉහළයි. තත්පර ගණනකින් ෆෝන් එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10-15 කින් විතර අඩු කරන්න මේවට පුළුවන්.

දැන් මම සාමාන්‍යයෙන් වෙළදපලෙන් මීලදී ගත හැකි Peltier Cooling Fans මොනවද කියල කියන්නම්. සාමාන්‍යයෙන් මිල අඩු Peltier Cooling Fans අපට Daraz, Aliexpress වගේ ඒවගෙන් Online ගෙන්න ගන්න පුලුවන්. මීට අමතරව හොද Brand එකකින් ටිකක් හොද Peltier Cooling Fan එකක් ගෙන්න ගන්නවා නම් මම පහලින් හොද Product කිහිපයක් ගැන විස්තර කියන්නම්.

01. Black Shark Magnetic Cell Phone Cooler 5 Pro

මෙහි 35W Peltier Chip (TEC) එකක් සහ බලවත් Fans භාවිත කර ඇති නිසා, තත්පර 25ක් වැනි කෙටි කාලයකදී ෆෝන් එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 දක්වා අඩු කිරීමට හැකියාව පවතිනවා.

ඒ නිසා ෆෝන් එක රත් වී Frame Drops / Lag වීම හෝ Screen brightness අඩු වීම සම්පූර්ණයෙන්ම වළක්වනවා.

02. MEMO CX08 High Power Strong Cooling Mobile Phone Cooler

මේකෙ 25x25mm Peltier TEC Chip එකක් තමා භාවිතා කරල තියෙන්නෙ. විදුලිය ලබා දී තත්පර කිහිපයකින් මෙය සීතල වන අතර, ෆෝන් එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10°C – 25°C දක්වා අඩු කිරීමට සමත් වේ.

බජට් එකට ගැලපෙන, ඒත් ඉතා ඉහළ cooling performance එකක් ලබා දෙන ජනප්‍රිය Mobile Phone Cooler එකක්.

03. K20 Universal Portable Magnetic Semiconductor Phone Cooler

සාධාරණ මුදලකට (Budget-friendly) ඉහළ Performance එකක් ලබාගන්න පුළුවන් Cooling Fan එකක්.

මේකෙත් පාවිච්චි කරල තියෙන්නෙ Peltier Semiconductor Chip එකක් නිසා,තත්පර කිහිපයකින් Cooler එකේ මතුපිට අයිස් වගේ සීතල වීම සිදු වෙනවා. Overheating, Lagging සහ Frame Drops වළක්වා ගෙන Games play කරන්න උදව් වෙනවා.

Previous Article

Mobile Gaming මේ විදිහට දියුණු වෙන්න ලොකුම හේතුව - Unreal Engine 4 (UE4)

Next Article

PUBG MOBILE හරහා දැන් ඔයාට සල්ලි හොයන්න පුලුවන්

Write a Comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Subscribe to our Newsletter

Subscribe to our email newsletter to get the latest posts delivered right to your email.
Pure inspiration, zero spam ✨