ඉස්සර පිස්සුවෙන් වගේ ගහපු Angry Birds Game එක බංකොලොත් වෙච්ච විදිහ

කාට හරි මතක තියෙනවා නම් 2008 සහ 2009 කියන්නෙ ලෝකයේ Smart Phone වල ආගමනය සිදු වූ කාලය කිව්වොත් නිවැරදියි. 2008 දී තමයි ලෝකයේ පළවෙනි Android Smart Phone එක වන
HTC Dream Smart Phone එකත් එළි දක්වන්නේ. ඉතින් මේ කාල වකවානුවේදී ජංගම දුරකථන ක්‍රීඩා (Mobile Games) ක්ෂේත්‍රය පැවතියේද අතහදා බැලීම් සිදු කරමින් සංවර්ධනය වන මූලික අවදියකයි

ඉතින් මේ කාලයේදී ෆින්ලන්තයේ ‘Rovio’ නමැති කුඩා සමාගම කළ එක අත්හදාබැලීමක් මුළු ලෝකයම උඩුයටිකුරු කෙරුවා. ඒ තමා ඔවුන් නිර්මාණය කල කැටපෝලයකින් විදින තරහගිය කුරුල්ලන් සහ උන්ගේ බිත්තර හොරකම් කළ කොළ පාට ඌරන් වටා ගොඩනැගුණු “Angry Birds” ජංගම ක්‍රීඩාව ලෝකය පුරා Smart Phone පරිශීලකයන් පිස්සුවෙන් වගේ සෙල්ලම් කරන්න පටන් ගත්තු එක. ඉතින් මටත් මතකයි අපි Facebook වගේ App Download කර ගන්න කලින් මේ Angry Bird එක Download කර ගත්තා. 😊

නමුත්, ලෝකයේ වැඩිම පිරිසක් Download කළ මේ දැවැන්ත ජංගම ක්‍රීඩා අධිරාජ්‍යය අද වන විට සම්පූර්ණයෙන්ම වගේ අපි හැමෝටම අමතක වෙලා ගිහිල්ලා…

Angry Birds Game එකේ ආරම්භය

2003 දී ඇරඹුණු Rovio සමාගම, වසර 6 ක් ඇතුළත ක්‍රීඩා 51 ක් නිර්මාණය කළත් ඒ එකක් වත් සාර්ථකත්වයක්වත් ලබා ගැනීමට හැකියාවක් ලැබුනේ නෑ. 2009 වන විට දැඩි මූල්‍ය අර්බුදයක සිටි ඔවුන්ට ඉතිරිව තිබුණේ තව එකම එක ගේම් එකක් සෑදීමට අවශ්‍ය ප්‍රතිපාදන පමණයි. ඉතින් එයාල ඒ අන්තිම අවස්ථාවත් ගත්තා.

  • ආදර්ශය: ඒ වෙද්දී ජනප්‍රිය වෙලා තිබ්බ ‘Crush the Castle’ නම් PC ගේම් එකෙහි සංකල්පය Rovio ල Angry Birds නිර්මාණය පාදක කරගැනීම.
  • චරිත නිර්මාණය: Jaakko Iisalo(Game Designer of Angry Birds) විසින් අත්පා නැති රවුම් කුරුල්ලන් නිර්මාණය කළ අතර, එකල පැවැති ‘ඌරු උණ’ (Swine flu) වසංගතය නිසා ලබා හතුරන් ලෙස ඌරන් තෝරාගන්නා ලදී.😂
  • ජයග්‍රහණය: 2009 දෙසැම්බර් මස ඩොලර් සත 99($0.99) කට App Store වෙත නිකුත් කළ මෙම ගේම් එක, 2011 වන විට Facebook හා Skype ද අභිබවා ලොව වැඩිම පිරිසක් ඩවුන්ලෝඩ් කළ ඇප් එක බවට පත් වුනා.😳

මේ ලබාපු ඉහල සාර්ථකත්වය නිසා Rovio සමාගම Angry Birds Seasons, Space, Star Wars වැනි අලුත් සංස්කරණ නිකුත් කලා. ඒ වගේම මෙයාල T-Shirts, සෙල්ලම් බඩු සහ Angry Birds Soda වැනි මර්චන්ඩයිස් (Merchandise) කිරීම්ද සිදු කලා. එමගින් Rovio සමාගම 2013 වන විට ඩොලර් බිලියන 2 කට අධික ආදායමක් ලබා ගත්තා. හිතාගන්න පුලුවන්නෙ උත්තාහය අතහැරපු නැති නිසා ලබා ගත්තු ජයග්‍රහණයේ තරම.

කඩාවැටීමේ ආරම්භය සහ කෙටි කාලීන සෙවීම්

2012 වෙද්දි Mobile Game තරගයට තවත් සමගම් රැසක් එක්වෙලා තිබ්බෙ. ඒ වන විට Clash of Clans සහ Candy Crush වැනි Mobile Game නොමිලේ ලබාදී ගේම් එක ඇතුළෙන් මුදල් අයකරන (In App Purchases) Model කරළියට ඇවිල්ල තිබ්බෙ. නොමිලේ ලැබෙන ක්‍රීඩා හමුවේ $ 0.99 කට ගේම් විකිණීමේ පැරණි ක්‍රමය අසාර්ථක වූ අතර, එකම රටාවකට සිරවී සිටි Rovio හි ලාභය 2014 වන විට 73% කින් කඩාවැටීමකට ලක් වුණා.

අර්බුධයෙන් ගොඩ ඒමට Rovio ගත් තීරණ නිසා තවත් අර්බුධයකට ඇද වැටීම

මේ සිද්ධ වෙච්ච දේ නිසා Rovio සමාගම ගේම් එකේ ජනප්‍රියතාව වැඩි කරගැනීම සහ සිදු වන පාඩුව පියවා ගැනීමට The Angry Birds ගේම් එක පාදක කරගනීමින් Movie එකක් නිර්මාණය කරන්න තිරණය කරනවා. ඒ වගේම Angry Birds පරණ Game එක තියෙද්දිම Angry Birds 2 ලෙස අලුත් Game එකක් නිතුත් කරීමට Rovio සමාගම තීරණය කරනවා.

  1. චිත්‍රපට නිෂ්පාදනය (2016): ඩොලර් මිලියන 73 ක් වියදම් කර හදාපු ‘The Angry Birds Movie’ හි සිටි කුරුල්ලන්ට අත්පා ලබාදීම නිසා මුල් චරිතවල තිබූ අනන්‍යතාව නැති වී ගියා.
  2. Angry Birds 2 නිතුත් කිරීම: Candy Crush මොඩලය කොපි කරමින් සාදන ලද මෙම ගේම් එකේදී Game එකේ Level එකක් ඉස්සරහට යන්න බෑ සල්ලි ගෙවන්නෙ නැතිව. සල්ලි ගෙව්වෙ නැත්නම් Player ට සිද්ධ වෙනවා දීර්ඝ වෙලාවක් බලා සිටීමට ඉස්සරහට යන්න(Paywall Method). මෙය පාරිභෝගිකයන්ගේ දැඩි අප්‍රසාදයට හේතු වුනා.

Angry Birds තමන්ගේම ඉතිහාසය මකා දැමීම

2019 වසරේදී Rovio සමාගම සියලුදෙනා අන්දමන්ද කළ තීරණයක් ගත්තේය. ඒ, App Store හි තිබූ ඔරිජිනල් Angry Birds ගේම් එක ඇතුළු පැරණි ක්‍රීඩා සියල්ල එකපාරටම ඉවත් කලා. ඒ මොකද කියල ඔයාල දන්නවද? ඒ තමා මින්ස්සු Rovio සමාගම නිතුත් කරපු Angry Birds 2 වල තිබ්බ Paywall Method එකට කැමති නැති නිසා පරණ Angry Birds Game එකම Play කරන්න පටන් ගත්ත එක. 🙃

ඒ කියන්නෙ එක පාරක් සත 99 ක් දී ලබාගත් ඔරිජිනල් ගේම් එක මිනිසුන් තවදුරටත් ක්‍රීඩා කළ නිසා, සල්ලි ගරාගැනීමට සෑදූ “Angry Birds 2” එකට පාරිභෝගිකයන් මුදල් වියදම් නොකිරීමයි.

තමන්ගේම පැරණි සාර්ථක ගේම් එක අලුත් ආදායම් මාර්ගවලට තර්ජනයක් වූ නිසා Rovio සමාගම ස්වකීය ඉතිහාසයම මකා දැමූ අතර, එය රසිකයන්ගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ දැමීමට හේතු විය.

අවසානය

අලුත් අදහස් නොමැතිවීමත්, කෙටි කාලීන ලාභය පස්සේම යාමත් නිසා Rovio සමාගමට පැවැත්මක් නැති වෙලා සමාගම විකුණන තත්වයට පත් වුනා. අන්තිමේදී, 2023 දී ජපානයේ Sega සමාගම විසින් යූරෝ මිලියන 706 කට Rovio සමාගම මිලදී ගත්තා.

තමන්ගේ මුල් අදහස් සහ රසිකයන්ගේ රුචිකත්වය පසෙකලා කෑදරකම, අතපසුවීම් සහ වැරදි තීරණ නිසා ලෝකයේ දැවැන්තම Gaming අධිරාජ්‍ය විනාශ වෙලා ගියෙ මෙන්න මේ විදිහට. අද අපි ආසාවෙන් සෙල්ලම් කරන Game එක කොච්චර ලොකු වුනත් එක වැරැද්දක් ඇති මුලු Game එකම විනාස වෙලා යන්න කියන එකට හොදම නිදසුනක් තමයි Angry Birds Game එක.

Previous Article

PUBG MOBILE හරහා දැන් ඔයාට සල්ලි හොයන්න පුලුවන්

Next Article

මොකක්ද මේ අලුත් PUBG Mobile Light Version එක

Write a Comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Subscribe to our Newsletter

Subscribe to our email newsletter to get the latest posts delivered right to your email.
Pure inspiration, zero spam ✨