PUBG MOBILE හරහා දැන් ඔයාට සල්ලි හොයන්න පුලුවන්

ඔයා PUBG MOBILE සෙල්ලම් කරන්න ආස කෙනෙක් නම් අද මම මේ ලිපිය හරහා පෙන්නලා දෙනවා PUBG MOBILE සල්ලි හොයන්න පුලුවන් අවස්ථා කිහිපයක් ගැන. PUBG MOBILE සෙල්ලම් කරන අතර තුරදි මුදල් උපයන්න අවස්ථාවන් කිහිපයක් දැන් PUBG MOBILE හරහා ක්‍රීඩකයන්ට ලබා දී තිබෙනවා.

PUBG MOBILE සෙල්ලම් කරන්න ආස කෙනෙක්ට , Design හෝ Content Creation කරන Tiktok, Facebook, Youtube එකට PUBG MOBILE වීඩියෝ දාන කෙනෙක් නම් මේ අවස්ථා ටික ඔයාලට ගොඩක් වටිනවා. PUBG Mobile විසින් සෑම අවුරුද්දකම ක්‍රීඩකයින් සහ නිර්මාණකරුවන් උදෙසා ඩොලර් මිලියන 20කට වඩා (US$ 20,000,000+) වැඩි තෑගි මුදල් ප්‍රමාණයක් සෑම අවුරුද්දකම වෙන් කරනවා.

දැන් ඔයාල හිතනවා ඇති PUBG MOBILE වලට පිස්සුද කියල මේ විදිහට සල්ලි වියදම් කරන්න. මෙතන තියෙන්නෙ වෙනස්ම දෙයක්. එයාල මේ විදිහට සල්ලි වියදම් කරන්න ප්‍රධානම හේතුව තමයි මේ හරහා PUBG MOBILE වලට පුලුවන් PUBG MOBILE සෙල්ලම් කරන ක්‍රීඩකයන් හරහාම PUBG MOBILE සංවර්ධනය(Development) කරගන්න සහ ප්‍රවර්ධනය කර ගන්න. ඒ වගේම මගින් ක්‍රීඩකයන්ටත් යම්කිසි ප්‍රතිලාභයක් ලබා දෙන්න.

හරි එහෙනම් අපි මාතෘකාවට ආවොත් PUBG Mobile හරහා ඔබට මුදල් සහ ත්‍යාග දිනාගැනීමට හැකි ප්‍රධාන ක්‍රම 4ක් තියෙනවා අපි දැන් ඒ ක්‍රම හතර පිලිබදව සාකච්චා කරමු.

1. WOW (World of Wonder) – Maps නිර්මාණය කිරීම

ඔයා කාලයක් තිස්සෙ PUBG MOBILE සෙල්ලම් කරන කෙනෙක් නම් සමහර වෙලාවට ඔයාට හිතිල ඇති. මේ Map එක මේ විදිහට වුනා නම් හෙදයි, එහෙමත් නැත්නම් Map එකේ මෙතන මේ විදිහට වෙනස් වුනා නම් තව සුපිරි හෝ සමහර වෙලාවට ඔයාගෙ හිතේ ගේම් එකේ තියෙනවට වඩා හොද Map එකක් තියෙනවත් ඇති.

ඉතින් ඔයාගෙ හිතේ තියෙන ඒ නිර්මාණශීලී අදහස්වලට අනුව PUBG Mobile එක ඇතුළේ අලුත් Map හදන්න PUBG MOBILE වල WOW හරහා ඔයාට කරන්න පුලුවන්. ඉතින් ඔයා හදන Map එක ක්‍රීඩකයින් සෙල්ලම් කලොත් PUBG MOBILE වල WOW Program එක හරහා ඔයාට සල්ලි හොයන්න පුලුවන්.

2. PDP (PUBG MOBILE Design Project) – Skins සහ Outfits ඩිසයින් කිරීම

ඔබ Digital Design හෝ Graphic Design වලට දක්ෂ කෙනෙක්ද? එහෙනම් PDP Program එකට එකතු වෙලා PUBG Mobile ක්‍රීඩාව සඳහා අලුත් Character Outfits, Gun Skins හෝ Vehicle Skins ඩිසයින් කරන්න පුළුවන්. ඔබේ ඩිසයින් තේරී පත් වුණොත් ලොකු ත්‍යාග මුදලක් වගේම, ඔබේ ඩිසයින් එක Game එක ඇතුළටම එකතු කරගැනීමේ අවස්ථාවත් හිමිවෙනවා.

3. PMGO සහ PMGC – Esports තරඟාවලි ජයග්‍රහණය කිරීම

PUBG MOBILE විසින් දක්ශ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමේ කරගාවලි වලට සහභාගී වීමට PUBG MOBILE eSport හරහා අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ හරහා ඩොලර් මිලියන ගනනින් ජයග්‍රණය කිරීමට අවස්ථාව දක්ෂ ක්‍රීඩකයන්ට හිමිවෙලා තිබෙනවා.

මෙතනදි ඔයාට සිද්ද වෙනවා PMGO, PMWC, PMGO වැනි තරගායලි වලට සහභාගී වී ලෝකයේ තවත් දක්ශ ක්‍රීඩකයන් සමග තරග වැදීමට. ඔබට සාර්ථක Squad එකක් ඉන්නවා නම් සහ ඔබේ Gaming Skills ඉහළ මට්ටමක තියෙනවා නම්, PUBG MOBILE GO (PMGO) සහ PUBG Mobile Global Championship (PMGC) වැනි නිල Esports තරඟාවලිවලට සහභාගී වෙන්න පුළුවන්. මේ ආකරයට ලෝක මට්ටමේ Esports තරඟ ජයග්‍රහණය කිරීමෙන් විශාල මුදල් ත්‍යාග හිමිකර ගැනීමට PUBG Mobile අවස්ථාව ලබා දී තිබෙනවා.

4. NEXT STAR Program – Content Creation (වීඩියෝ නිර්මාණය)

ඔයාට YouTube, Facebook හෝ TikTok හරහා PUBG MOBILE සම්බන්දව වීඩියෝ ඒ කියන්නෙ Gameplay Clips හෝ Guides හදන්න හැකියාව තිබෙනවා නම් ඔබට PUBG MOBILE Next Star Creator Program එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මෙහිදී ඔබේ Content වල Reach එක සහ Quality එක මත ඔබට මාසිකව Sponsorships, In-game Rewards සහ මුදල් ප්‍රතිලාභ හිමිවෙනවා.

එකතු වෙන්නේ කොහොමද?

PUBG MOBILE ක්‍රීඩාව ඇතුළත ඇති Events/Creator Hub සෙක්ෂන් එක හරහා හෝ ඔවුන්ගේ නිල වෙබ් අඩවිය (Official Website) ඔස්සේ, ඒ වගේම PUBG MOBILE වල Official Social Media හරහා මම කලින් කිව්ව අවස්ථා පිලිබද නතරම දැනුවත් කරනවා මෙම සෑම වැඩසටහනකටම ලියාපදිංචි වීමේ පහසුකමද ඒ අවස්ථාවන් වල PUBG MOBILE ක්‍රීඩකයන්ට ලබා දෙනවා. මේ වගේ අවස්ථා ආපු ගමන් දැනගන්න මගෙ Social Media හරහා ඔයාලව දැනුවත් කරනවා ඒ නිසා මතක් කරල මාව Follow කරල තියා ගන්න. 😊

Previous Article

Mobile Gaming වලදි Phone එක රත් වෙනවට හොදම Cooling Fan එකක් තෝර ගන්න විදිහ

Next Article

ඉස්සර පිස්සුවෙන් වගේ ගහපු Angry Birds Game එක බංකොලොත් වෙච්ච විදිහ

Write a Comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Subscribe to our Newsletter

Subscribe to our email newsletter to get the latest posts delivered right to your email.
Pure inspiration, zero spam ✨