මොකක්ද මේ අලුත් PUBG Mobile Light Version එක

කාලයක් තිස්සෙ PUBG MOBILE වලට තිබ්බ ලොකු ප්‍රශ්ණයක් තමයි GAME එක දවසින් දවස ලොකු වෙද්දි, PUBG MOBILE පොඩි Smart Phone එකකින් සෙල්ලම් කරගන්න බැරි වෙන එක. මේ නිසා බොහෝ PUBG MOBILE සෙල්ලම් කරමින් සිටි Players ල ටිකෙන් ටික PUBG MOBILE වලින් ඉවත් වෙන්න පටන් ගත්තා. ඉතින් මේ ප්‍රශණයට උත්තරයක් විදිහට තමයි PUBG MOBILE විසින් PUBG Mobile LIGHT නමින් අලුත් සංස්කරණයක් ක්‍රිඩකයන්ට හදුන්වා දෙන්න යන්නේ.

මෙම නව PUBG Mobile LIGHT හි Pre-Registration කටයුතු මේ වන විට Google Play Store සහ Apple App Store හරහා නිල වශයෙන් ආරම්භ කරයි තිබෙන්නේ.

PUBG Mobile LITE සහ නව PUBG MOBILE LIGHT අතර වෙනස

මීට පෙර පැවති PUBG MOBILE LITE මාදිලියේදී සිතියම් (Maps) ප්‍රමාණයෙන් කුඩා කර, ක්‍රීඩකයින් ගණන 60 දක්වා සීමා කර තිබුණි. නමුත් මෙම නවතම PUBG MOBILE LIGHT අනුවාදය ඊට වඩා හාත්පසින්ම වෙනස්. අපි දැන් බලමු මොනවද ඒ ප්‍රධාන වෙනස්කම් මොනවද කියල.

  • සම්පූර්ණ Original Gameplay අත්දැකීම: මෙහිදී Features හෝ Map ප්‍රමාණයන් සීමා කර නොමැති අතර, Erangel Map එක ඇතුළුව ප්‍රධාන PUBG MOBILE හි පූර්ණ Combat Experience එක ඒ ආකාරයෙන්ම ලබා ගත හැක.
  • Original Account එක Sync කිරීමේ හැකියාව: ක්‍රීඩකයින්ට තමන්ගේ ප්‍රධාන PUBG Mobile Account එකෙන්ම Login වී, එහි තිබූ Outfits, Skins සහ Cosmetics ඒ ආකාරයෙන්ම නව Light මාදිලියට Transfer කරගත හැක.
  • සමගාමී Updates (Simultaneous Updates): ප්‍රධාන PUBG PUBG MOBILE Game එක සඳහා නිකුත් වන නවතම Updates සහ Content මෙම Light මාදිලියටද ඒ මොහොතේම හිමි වේ.😍

PUBG MOBILE LIGHT හි ප්‍රධාන විශේෂාංග

  • අඩු Storage ප්‍රමාණයක් භාවිතය:
    • Android: 1 GB පමණ Storage ප්‍රමාණයක්.
    • iOS (iPhone): 2 GB පමණ Storage ප්‍රමාණයක්.
  • Custom Storage Option: ක්‍රීඩකයින්ට තමන්ට අවශ්‍ය Extra Resources/Content පමණක් තෝරාගෙන Download කරගැනීමට පහසුකම් සලසා ඇත.
  • Device Strain අවම කිරීම: දුරකථනයේ Performance සහ Battery එකට අධික ලෙස බරක් නොදී Smooth ලෙස ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි මෙය Optimization කර ඇත.

නිකුත් වන කාලවකවානුව (Launch Details)

දැනට තෝරාගත් රටවල් කිහිපයක Closed Beta පරීක්ෂණ කටයුතු මේ වන විට සිදු කෙරෙන අතර, PUBG Mobile Light හි නිල මුදාහැරීම (Official Global Launch) 2026 නොවැම්බර් මාසයේදී සිදු කිරීමට නියමිතයි කියල තමා PUBG MOBILE පැත්තෙන් දැනය කියල තියෙන්නෙ.

ඇත්තටම ගත්තොත් මේක PUBG MOBILE සෙල්ලම් කරන සහ කරන්න ආස හැමෝටම ඉතා හොද News එකක් කියල මට කියන්න පුලුවන්. මොකද ගොඩක් PLAYERS ල PUBG MOBILE සෙල්ලම් කරද්දි Lag වෙන ප්‍රශ්න Load වෙන ප්‍රශ්න නිසා හරියට සෙල්ලම් කර ගන්න බැරි තත්වයක් තිබ්බෙ. ඉතින් මේ අලුත් Version එක නිසා Sri Lanka වේ අපටත් PUBG MOBILE වල ගොඩක් Technical ප්‍රශ්ණ විසදෙයි කියල අපට හිතන්න පුලුවන්. එහෙනම් අපි බලාගෙන ඉමු PUBG MOBILE LIGHT එක මොන වගේ වෙයිද කියල.

Previous Article

ඉස්සර පිස්සුවෙන් වගේ ගහපු Angry Birds Game එක බංකොලොත් වෙච්ච විදිහ

Write a Comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Subscribe to our Newsletter

Subscribe to our email newsletter to get the latest posts delivered right to your email.
Pure inspiration, zero spam ✨